Gossips

මල්ලාකම් ගැටුමට අත්අඩංගුවට ගත් තවත් 6 ක් රිමාන්ඩ්

යාපනය – මල්ලාකම් ප්‍රදේශයේ ඇති වූ කලහකාරි සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තවත් සැකකරුවන් 6 දෙනෙකු මේ මස 29 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
යාපනය – තෙලිප්පලෙයි සදා සරණ දේව මාතා දේවාස්ථානයේ වාර්ෂික මංගල්‍යය වෙනුවෙන් පැවති විශේෂ දේව මෙහෙයක් අතරතුර ඊට සහභාගි වූ දෙපිරිසක් අතර, පසුගිය 17 වනදා මෙම ගැටුම හට ගත්තා.
එහිදී ගැටුම සමථයකට පත් කිරීමට පොලිස් නිලධාරින් දෙදෙනෙකු උත්සාහ කළ අවස්ථාවේදී එහි සිටි පුද්ගලයෙක් එක් නිලධාරියෙකුට තියුණු ආයුධයකින් පහරදීමට උත්සාහ දැරුවා.
එහිදී අනෙක් පොලිස් නිලධාරියා සිය රාජකාරි ගිනි අවියෙන් වෙඩි තැබීමක් සිදුකර තිබූ අතර ඉන් තෙලිප්පලෙයි – මල්ලාක්කම් ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි පුද්ගලයෙක් ජිවිතක්ෂයට පත්වුණා.
එමෙන්ම, ප්‍රචණ්ඩකාරි හැසිරීම සම්බන්ධයෙන් මීට පෙර සැකකරුවන් 8 දෙනෙකු අත්අඩංගුවට ගත් අතර ඔවුන් ද මේ මස 29 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.