Gossips

මලයාසියාව පරදා ශ්‍රී ලංකාව ජය ලබයි

ආසියානු අභියෝගතා කුසලාන පිරිමි වොලිබෝල් තරගාවලියේ දෙවන තරඟයෙන් මලයාසියාව පරදවා විශිෂ්ඨ ජයක් ලැබීමට ශ්‍රී ලංකාව ඊයේ (16) සමත් වුණා.
ඒ, තරඟ වට තුනට බින්දුවක් ලෙසයි.
කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පෙරේදා ආරම්භ වූ මෙම තරඟාවලියේ පළමු තරඟය ද වට තුනට බින්දුවක් ලෙස හොංකොං කණ්ඩායම පරදා ජය හිමි කර ගත්තේ ශ්‍රී ලංකාවයි.
මෙම තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගි වන තවත් තරඟයක් අද (17) එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර පැවැත්වෙනවා.