මලයාසියාවේ හිටපු අගමැති නජීබ් රසාක්ට රජයේ මුදල් අවභාවිත කළ බවට යළි චෝදනා එල්ල වී තිබෙනවා.
ඊට අදාළව චෝදනා 06 ක් යටතේ අධිකරණයේ නඩු පවරා ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වුණේ.
එම චෝදනාවලට අදාළව ඔහු අවභාවිත කර ඇතැයි සැලකෙන මුදල් ප්රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 1.5 ක්. මීට පෙර අවස්ථාවකදීද මුදල් විශුද්ධිකරණ චෝදනා 32 ක් යටතේ හිටපු අග්රාමාත්යවරයාට එරෙහිව නඩු පවරනු ලැබුවා.