Gossips

මලයාසියානු හිටපු අගමැති පළමු පාර්ලිමේන්තු සැසියට එක්වෙයි

ක්වාලාලම්පුර් – සිංගප්පූරු අධිවේගී දුම්රිය මග නවත්වා දැමීම සම්බන්ධයෙන් මලයාසියානු හිටපු අගමැති නජීබ් රසාක් නව රජයේ ප්‍රථම පාර්ලිමේන්තු සැසිවාරයට අද එක්වෙමින් ප්‍රශ්න කර තිබෙනවා.
එහිදී පිළිතුරු ලබාදෙමින් එරට නව ආර්ථීක කටයුතු පිළිබඳ අමාත්‍ය අස්වින් අලී ප්‍රකාශ කර ඇත්තේ මලයාසියාවේ ණය බර ඇමරිකානු ඩොලර් බිලියන 251 ඉක්මවා ඇති බැවින් එය අත්හිටුවීමට අගමැති මහතීර් මොහොමඩ් තීරණය කර ඇති බවයි.
කෙසේ වෙතත් කිලෝමීටර 350 ක දිගින් යුත් මෙම අධිවේගී මාර්ගයෙන් නව ආර්ථික ප්‍රතිලාභ රැසක් අත්වන බව එහිදී හිටපු අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර තිබෙනවා.