Gossips

මලයාසියානු මහ මැතිවරණය ජයගත් මහතීර් මෙහොමඩ් ලොව වයස්ගතම අගමැති වෙයි

වසර 60 ක් මලයාසියාව පාලනය කළ පාලක සන්ධානය පරාජයට පත් කරමින් විපක්ෂය මහ මැතිවරණය ජයගෙන තිබෙනවා.
ඒ අනුව 92 හැවිරිදි හිටපු අග්‍රාමාත්‍ය මහතීර් මොහොමඩ් මලයාසියානු අග්‍රාමාත්‍ය ධුරයට තේරී පත්වුණේ ලොව වයස්ගතම අගමැතිවරයා ලෙස වාර්තාවක්ද පිහිටුවමින්.
ඊයේ පැවති ඡන්ද විමසීමේදී මලයාසියානු විපක්ෂයට ආසන 115 ක් හිමිවූ අතර, රජයක් පිහිටුවීම සඳහා කිසියම් පක්ෂයකට අවශ්‍ය වන්නේ ආසන 112 ක් පමණයි.
මහතීර් මොහොමඩ්ගේ දේශපාලන සගයෙකු වන වත්මන් අගමැති නජීබ් රසාක්ගේ රජයට දූෂණ චෝදනා එල්ලවීම හේතුවෙනුයි මහ මැතිවරණයකට යොමුවුණේ.
මහතීර් මොහොමඩ් අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කරන සමයේ මලයාසියාව, ආසියාවේ ආර්ථික බලවතා ලෙසටද පත් කරනු ලැබුවා.