Gossips

මලගනේ වැවේ ඔරුවක් පෙරළී දෙදෙනෙකු අතුරුදන්

වාරියපොළ – මලගනේ වැවේ ඔරුවක් පෙරළීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු අතුරුදන් වී තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ අද (24) පස්වරුවේ නෙළුම් කොළ කැඩීමට ගිය ඔරුවක් මෙලෙස පෙරළී ඇති බවයි.
සිද්ධිය වන අවස්ථාවේදී පුද්ගලයන් පස් දෙනෙකු එහි ගමන් කර ඇති අතර, ඉන් තිදෙනෙකු පිහිනා දිවි ගලවාගෙන තිබෙනවා.
අතුරුදන් වූ පුද්ගලයින් දෙදෙනා ගම්පහ ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර, ඔවුන් දන්සැලකට නෙළුම් කොළ කැඩීම සඳහා පැමිණ ඇති බවටයි වාර්තා වන්නේ.