දියලුම දිය ඇල්ලේ උඩ දියලුම ප්‍රදේශයේ දී තරුණයෙකු දිය ඇල්ලේ වළකට ඇද වැටීමෙන් අතුරුදන්ව තිබෙනවා.
විදෙස් සංචාරකයන් පිරිසක් සමඟ දිය ඇල්ල නැරඹීමට පැමිණි තරුණයෙක් මෙලෙස අතුරුදන්ව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
අදාල තරුණයා උඩ දියලුමේ ජම්පින් වල අසල දී සෙල්පි ඡායාරූපයක් ලබාගැනීමට උත්සහ කිරීමේදී දිය ඇල්ලේ පහළ කොටසේ වළකට ඇද වැටී තිබෙනවා.
මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ ඇල්ල ප්‍රදේශයේ පදිංචි ගායන් වීරසිංහ නැමති 29 හැවිරිදි තරුණයෙක්.
මළ සිරුර සොයා පොලිසිය සහ ප්‍රදේශවාසීන් මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් කොස්ලන්ද පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.
