මරදානේදී ගිනි අවියකින් වෙඩි තබා පුද්ගලයින් තුන් දෙනෙකුට බරපතල තුවාල සිදුකිරීමේ සිද්ධියකට ආධාර අනුබල දුන් බව කියන කොළඹ 12 ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි රවීන්ද්‍ර සංජීව හෙවත් ලොක්කා කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පසුගිය වසරේ අගෝස්තු 29 වැනිදා මෙම වෙඩි තැබීම සිදුකර තිබූ අතර, සැකකරු ඊයේ අත්අඩංගුවට ගෙන ඇත්තේ දෙමටගොඩ ප්රදේශයේදීයි.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සන්තකයේ තිබී රිවෝල්වරයක්, මිලිමීටර් නවය වර්ගයේ ජීව උණ්ඩ 05 ක් සහ කේරල ගංජා ග්‍රෑම් 20 ක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.
