Gossips

මරදානෙන් රුපියල් කෝටියක හෙරොයින්වලට දෙදෙනෙකු පොලිස් දැලේ

මරදාන – ඞී.ආර්. විජේවර්ධන මාවතේ පාර්සලයක තිබී කෝටියකට අධික වටිනාකමකින් යුත් හෙරොයින් සොයාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සඳහන් කළේ එම සැකකරුවන් දෙදෙනාගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්ණ කිරීම් සිදු කරන බවයි.
බුද්ධි අංශ තොරතුරකට අනුව ඞී.ආර්. විජේවර්ධන මාවතේ සැකකටයුතු පාර්සලයක් පරීක්ෂා කිරීමේදී ඒ තුළ තිබී රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුත් හෙරොයින් මත්කුඩු සොයාගනු ලැබුවේ ඊයේ පස්වරුවේදියි.
කෙසේ වෙතත් සැකකරුවන් කිසිවෙකුත් එම අවස්ථාවේ අත්අඩංගුවට පත් නොවූ අතර, පසුව සිදුකළ විමර්ශනයකදී මෙලෙස දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ මෙම හෙරොයින් මත්ද්‍රව්‍ය පාර්සලයේ හිමිකරු කවුරුන්ද යන්න පිළිබඳව මෙතෙක් හෙළිවී නොමැති බවයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාගේ ජංගම දුරකතනවලට ලැබුණු ඇමතුම් හරහා ඉදිරි විමර්ශණ සිදු කෙරෙන බවයි එම නිලධාරියා සඳහන් කළේ.