කලක පටන් පවතින කුහුඹු ආක්‍රමණයක් හේතුවෙන් මරදන්කඩවල ප්‍රදේශයේ පවුල් රැසක දෛනික කටයුතුවලට බාධා පැමිණ තිබෙනවා.
කුහුඹුවන්ගේ පැමිණීම හේතුවෙන් එම ප්‍රදේශයේ ශරීර සුවතා මධ්‍යස්ථානයේ සහ ව්‍යාපාරික ස්ථානවල කටයුතුවලට ද බාධා පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.
පවතින තත්ත්වය හේතුවෙන් තමන් මහත් අපහසුතාවයකට පත්ව ඇති බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.
ගෙවතු, නිවාස, වැසිකිළි, මෙන්ම ජලනල පද්ධති හා නිවාස අභ්‍යන්තර විදුලි පද්ධතිද මෙම කුහුඹුවන්ගේ ආක්‍රමණයට ලක්ව තිබීම එහිදී අපට දැකගත හැකිවූවා.
ඇඳුම් හා සපත්තු ආදිය ද මෙම කුහුඹුවන් විසින් බරපතළ ලෙස කා දමා විනාශ කර තිබෙනවා.
කලක පටන් මෙම කූඹි පැමිණිම සිදුවූ බවත් මෑතකදී සිට එම තත්ත්වය වඩාත් ඉහළ ගිය බවත් මෙම කූඹි ආක්‍රමණයට ලක්ව සිටින මරදන්කඩවල ප්‍රදේශවාසීන් ප්‍රකාශ කළා.
මරදන්කඩවල ප්‍රදේශයේ පවතින මෙම කුහුඹු ආක්‍රමණය සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු වගකිව යුතු ආයතනයක් මැදිහත්ව කටයුතු කර නැති බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කළේ.