Gossips

මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම ගැන තවම තීරණයක් නැහැ – මනෝ ගනේෂන්

මත්ද්‍රව්‍ය වැරදිකරුවන් මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් රජය මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව අමාත්‍ය මනෝ ගනේෂන් ප්‍රකාශ කළා.
කොළඹ ඊයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ පැනයකට පිලිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
එමෙන්ම අනුරාධපුර – මහවිලච්චිය ප්‍රදේශයේ තරුණයන් පස්දෙනෙකු අලූගෝසු තනතුරට ඉදිරිපත් වීමට කැමැත්ත පළ කර තිබෙනවා.
මොවුන් ස්වෙච්ජාවෙන් රාජකාරි කිරීමට සූදානම් බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ අලූගෝසු තනතුර මෙතෙක් ගැසට් කර නොමැති බවයි.
අලූගෝසු තනතුරු සඳහා පුරප්පාඩු දෙකක් පවතින බවද ඔහු කියා සිටියා.