මරණ දඬුවම ක්රියාත්මක කිරීමෙන් අපරාධ අඩුකළ නොහැකි බව බෙල්ලන්විල රජමහා විහාරස්ථානාධිපති ආචාර්ය බෙල්ලන්විල ධර්මරතන නාහිමියන් පවසනවා.
උන්වහන්සේ මේ බව සඳහන් කළේ නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයේ පැවති උත්සවයකදීයි.
නාරාහේන්පිට – අභයාරාම විහාරස්ථානයේ ධාතු මන්දිරයක් අද පස්වරුවේ විවෘත කෙරුණේ මහා සංඝරත්නයේ ප්රධානත්වයෙන්.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙන්ම හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාද මේ අවස්ථාවට එක්ව සිටියා.