Gossips

මරණ දඩුවමේ තීරණය ගැන ජගත් මානව හිමිකම් කොමිසම කනස්සල්ලෙන්

මරණීය දණ්ඩනය ශ්‍රී ලංකාව තුළ නැවත ක්‍රියාත්මක කිරීමට සැළසුම් කිරීම පිළිබඳව කණගාටුවන බව, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ නව මහ කොමසාරිස්වරිය වන මිෂෙල් බැච්ලට් පවසනවා.
ඇය මේ බව සඳහන් කළේ ඊයේ ආරම්භ වූ මානව හිමිකම් කවුන්සිලයේ 39 වන සැසිවාරය අමතමින්.
එය එළඹෙන 28 වනදා දක්වා ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී පැවැත්වෙනවා.
සැසිවාරයේ සමාරම්භක දේශනය පවත්වමින් නව මහ කොමසාරිස්වරිය කියා සිටියේ ශ්‍රී ලංකාව තුළ සංක්‍රාන්ති යුක්තිය පිළිබඳ න්‍යාය පත්‍රය අර්ථවත් ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා බලධාරින් ඉතා සෙමින් වුවද අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි.
ශ්‍රී ලංකාව අතුරුදන්වූවන්ගේ කාර්යාලය සහ එහි ආයතනික ව්‍යුහය ගොඩනැංවීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳ සෑහීමකට පත්වන බවද ඇය මෙහිදී පෙන්වා දුන්නා.
මිෂෙල් බැච්ලට් මහ කොමසාරිස්වරිය මෙහිදී අවධාරණය කළේ අතුරුදන්වූවන්ගේ පවුල්වලට එම කාර්යාලය හරහා කඩිනමින් පිළිතුරු සැපයීම කෙරෙහි මහත් ඕනෑකමින් බලාසිටින බවයි.
වර්ගවාදී සහ ජාතීන් අතර ප්‍රචන්ඩ ක්‍රියා යළි සිදුවීම මෙන්ම මරණීය දණ්ඩනය ශ්‍රී ලංකාව තුළ නැවත ක්‍රියාත්මක කිරීමට සැළසුම් කිරීම කණගාටුවට කරුණක් බවත් මිෂෙල් බැච්ලට් සඳහන් කළා.
එමෙන්ම ශ්‍රී ලංකාව දිගුකාලීන ස්ථාවර භාවයක් සහිත සමෘද්ධිමත් රටක් බවට පත් කරලීම සඳහා බලධාරීන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතු බවයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ නව මහ කොමසාරිස්වරිය එහිදී අවධාරණය කර ඇත්තේ.