Gossips

මරණ තර්ජනය කරමින් කාන්තාවක් කෙලෙසූ අයෙක් පොලිස් දැලේ

තණමල්විල, සෙවනගල පොලිස් වසමේ තලපත්ගම ප්‍රදේශයේ පදිංචි කාන්තාවකට මරණ තර්ජන කරමින් ඇයව අවස්ථා කිහිපයකදී දූෂණය කළ පුද්ගලයකු ඊයේ (06) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සෙවනගල පොලිසිය විසින් අදාල සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරු එම ප්‍රදේශයේම පදිංචි විසිපස් හැවිරිදි අයෙකු බවයි වාර්තා වන්නේ.
දූෂණයට ලක්වූ කාන්තාව ස්නායු ආබාධයකින් පෙලෙන තැනැත්තියක් වන අතර කාන්තාව තනිවම නිවසේ සිටින අවස්ථාවන් බලා සැකකරු නිවසට ඇතුළු වී මරණ තර්ජනය කරමින් ඇයව අවස්ථා කිහිපයකදී දූෂණයකර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.
34 හැවිරිදි අදාල කාන්තාව විසින් සෙවනගල පොලිසියට කළ පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇති තිබෙනවා.
දූෂණයට ලක්වූ කාන්තාව වෛද්‍ය පරීක්ෂණයක් සදහා රෝහල් ගත කර ඇති අතර සැකකරු අද (07) දින ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි අප වාර්තාකරු කියා සිටියේ.
අත්අඩංගුවට පත් සැකකරු එම ප්‍රදේශයේ කුලී වැඩ කරමින් ජීවත් වූ අයෙකු බව පොලිසිය පවසනවා.