හික්කඩුව, පිංකන්ද ප්‍රදේශයේදී 17 හැවිරිදි පාසල් සිසුවෙක් ගෙල වැලලාගෙන සියදිවි හානිකරගෙන ඇති බව පොලිසිය පවසනවා.
ඊයේ (05) පස්වරුවේ අදාල සිසුවා නිවසේ උඩුමහලේ අත්වැලේ බීරළු කණුවක ගැට ගැසූ කඹයක ආධාරයෙන් ගෙල වැලලාගෙන මෙලෙස සියදිවි හානිකරගෙන ඇති බවයි වාර්තා වන්නේ.
මෘත ශරීරය කරාපිටිය රෝහලේ තැන්පත්කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය අද (06) දින සිදුකිරීමට නියමිතව තිබෙනවා.
ප්‍රේම සම්බන්ධතාවය මුල්කරගනිමින් අදාල සිසුවා මෙලෙස සියදිවි හනිකරගෙන ඇති බවයි හික්කඩුව පොලිසිය පැවසුවේ.
