Gossips

මයිකල් සුළි සුළගින් ඇමරිකාවට මහා විනාශයක්

පැයට කිලෝමීටර් 250 ක වේගයකින් කඩා වැදුණු මයිකල් චන්ඩමාරුතයෙන් ඇමරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ වෙරළාසන්න ප්‍රදේශවලට ඉමහත් විනාශයක් සිදුවී තිබෙනවා.
ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා සදහන් කළේ අවම වශයෙන් ජීවිත හානි 6 ක් සිදුව ඇති අතර, ඇතැම් පවුල්වලට තමන් සතු සියල්ල අහිමිවී ඇති බවයි.
මයිකල් සුළි සුළග ඇමරිකාවට පැමිණියේ මධ්‍යම ඇමෙරිකානු රටවල ජීවිත 13 ක් බිළි ගනිමින්.
සුළි සුළග නිසා ෆ්ලොරිඩා, ඇලබාමා, කැරොලයිනා සහ ජෝර්ජියා ප්‍රාන්තවල නිවාස සහ ව්‍යාපාරික ස්ථාන නව ලක්ෂයකට පමණ විදුලිය ඇණ හිට තිබෙනවා.
තුන්ලක්ෂ 70,000 කට වැඩි පිරිසකට ආරක්ෂිත ස්ථාන කරා යන ලෙස උපදෙස් ලබාදී ඇති අතර, 6000 කට අධික සංඛ්‍යාවක් තාවකාලික කදවුරුවල රදවා ඇති බව සදහන්.
මේ අතර, නැගෙනහිර ඉන්දියාවේ ඔරිස්සා සහ ආන්ද්‍ර ප්‍රදේශ් ප්‍රාන්තවලට හැමූ ටිට්ලි සුළි සුළගින් අවම වශයෙන් පුද්ගලයන් 8 දෙනෙකු ජිවිතක්ෂයට පත්වී තිබෙනවා.
තුන් ලක්ෂයකට අධික පිරිසක් වෙරළාසන්න ප්‍රදේශවලින් ඉවත් කර ගෙන ඇති අතර, පන් ලක්ෂයකට පමණ විදුලිය ඇණ හිට ඇති බව වාර්තා වුණා.
1100 ක් තාවකාලිකව කදවුරුවල රදවා ඇති බවයි ඉන්දීය මාධ්‍ය සදහන් කළේ.