Gossips

මනුෂ්‍ය ඝාතන සිද්ධියකට තුන්දෙනෙකුට මරණ දඩුවම

පුද්ගල ඝාතන සිද්ධියකට වරදකරුවන් වූ තුන්දෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි අද මරණ දඩූවම නියම කළා.
1996 වසරේ නොවැම්බර් 2 වනදා පන්නිපිටිය ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර ඔහුගේ බිරිඳට බරපතල තුවාල සිදුකළ බවටයි ඔවුන්ට එරෙහිව චෝදනා එල්ලවී තිබුණේ.
එසේම එම කාන්තාවට බරපතල තුවාල සිදුකළ බවට චෝදනා එල්ලවූ සැකකරුට වසර හතහමාරක බරපතල වැඩ සහිත සිරදඩූවමක් නියම කිරීමටද කොළඹ මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළා.
සැකකරුවන් පන්නිපිටිය ප්‍රදේශයේම පදිංචිකරුවන්.