Gossips

මනාලියගේ දෑස් ඉදිරිපිටදීම මනාලයාගේ ජීවිතය අහිමි කළ මංගල තෑග්ග (ඡායාරූප)

මනාලියගේ දෑස් ඉදිරිපිටදීම මනාලයාගේ ජීවිතය අහිමි කළ මංගල තෑග්ග
ඉන්දියාවේ ඔරිස්සා ප්‍රාන්තයේ අලුත විවාහ වූ යුවළකට ලැබුණු තෑගි පරීක්ෂා කිරීමට යාමේදී එක් තෑගි පාර්සලයක් පුපුරා යාමෙන් මනාලයා සහ ඔහුගේ 85 හැවිරිදි මිත්තණිය ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
පිපිරීම හේතුවෙන් මනලියද බරපතල තුවාල ලබා ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ.
පසුගිය 18 වනදා මොවුන්ගේ විවාහ මංගල්‍ය පවත්වා ඇති අතර නව යුවළ දින කිහිපයක් මදුසමය ගත කිරීමෙන් පසු නිවසට පැමිණ තිබෙනවා.
ඉන් අනතුරුව මංගල දිනයේ ලැබුණු ත්‍යාගයන් විවෘත කර බලමින් සිටින අතරතුර පාර්සලයක් විවෘත කරනවාත් සමඟම එහි අසුරා තිබූ පුපුරණ ද්‍රව්‍ය පුපුරා ගොස් ඇති බව සඳහන්.
පසුව කරන ලද සොයා බැලීමකදී එම පාර්සලය ලබාදුන් පුද්ගලයාගේ අනන්‍යයතාවක් එහි සදහන් කර නොතිබූ බව අනාවරණය වී තිබෙනවා.
ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ සෞම්‍යා සෙකාර් සහ රීමා සාහු යන යුවළට මෙම අවසනාවන්ත ඉරණමට මුහුණ දීමට සිදුව ඇති බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් එරට පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.