Gossips

මන්නාරම ළිඳකින් අවි ආයුධ තොගයක් ගොඩගනී (ඡායාරූප)

මන්නාරම, මුරුන්කන් ප්‍රදේශයේ ගෙවත්තක පිහිටි ළිඳක් තුළ තිබී එල්.ටී.ටී.ඊ. සංවිධානයට අයත් මෝටාර් උණ්ඩ, බෝම්බ සහ තවත් පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයාගෙන තිබෙනවා.
පොලිසිය පැවසූවේ මුරුන්ගන් හි නැවත පදිංචි කළ වැසියකු ළිඳ පිරිසිදු කරන අවස්ථාවේ අදාළ පුපුරණ ද්‍රව්‍යය දැක ඒ පිළිබඳව පොලිසිය දැනුවත් කළ බවයි.
ඒ අනුව ‍අධිකරණ නියෝගක් යටතේ පොලිස් විශේෂ කාර්ය බළකා බෝම්බ නිශ්ක්‍රිය අංශය ‍විසින් අදාල පුපුරණ ද්‍රව්‍ය ගොඩගෙන තිබෙනවා.
මෙම බෝම්බ සහ උණ්ඩ තොගය මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණ නියෝග යටතේ නිශ්ක්‍රිය කිරීමට නියමිතව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
මේ අතර ළිඳ පිරිසිදු කරන අවස්ථාවේ ළිඳ තුළ සිටි කිඹුල් පැටවෙකු ද පොලිස් විශේෂ කාර්ය බළකා නිළධාරීන් සහ පොලිස් නිළධාරීන් ගොඩගෙන මන්නාරම් වනජිවි නිළධාරීන් වෙත භාරදුන් බවද පොලිසිය පවසනවා.



ඡායාරූප – වව්නියාව, රොමේෂ් මධුසංක / මාධව කුලසූරිය