මන්නාරම සමූහ මිනී වළේ තොරතුරු ඉදිරිපත් කිරීම බදාදා දිනට පමණක් සීමා කරන ලෙසට මන්නාරම මහේස්ත්රාත් ටී. ස්වර්ණරාජා නියෝග කර තිබෙනවා.
මන්නාරම සමූහ මිනීවල සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කළ අවස්ථාවේදීයි මහේස්ත්රාත්වරයා මෙම නියෝගය ලබාදී ඇත්තේ. ඒ අනුව සෑම බදාදා දිනකම පෙරවරු 10.30 සිට 11 දක්වා සමූහ මිනීවලේ ඡායාරූප සහ වීඩියෝ පට ලබාගැනීමට හැකියාව පවතිනවා.
මේ අතර මෙම සමූහ මිනීවල සම්බන්ධයෙන් කරුණු වාර්තා කිරීම වගකීමකින් යුතුව සිදුකළ යුතු බැවින් ඒ සම්බන්ධයෙන් තොරතුරු අධිකරණ රෙජිස්ට්රාර්වරයාගෙන් ලබාගන්නා ලෙසටයි මහේස්ත්රාත්වරයා එහිදී නියෝග කර ඇත්තේ.
දින 69 ක් පුරා කැණීම් සිදුකර ඇති එම සමූහ මිනීවලේ මේ වනවිට අස්ථි කොටස් 116 ක් හමුවී තිබෙනවා.