Gossips

මන්නාරම සමූහ මිනීවලේ කැණීම් තාවකාලිකව අත්හිටුවයි

මන්නාරම සමූහ මිනීවලේ කැණීම් කටයුතු තාවකාලිකව අත්හිටුවන ලෙසට මන්නාරම මහේස්ත්‍රාත් ටී.සරවණරාජා අද නියෝග කර තිබෙනවා.
කැණිම් කටයුතු භාරව කටයුතු කරන විශේෂඥ අධිකරණ වෛද්‍ය සමින්ද රාජපක්ෂ සදහන් කළේ අස්ථි කොටස් සම්බන්ධයෙන් ප්‍රකාශයට පත් වූ ඇමරිකානු කාල නිර්ණ වාර්තාව අධ්‍යයනය කිරීමට අවශ්‍ය බැවින් මෙම අධිකරණ නියෝගය ලබාදී ඇති බවයි.
අදාළ ඇමරිකානු කාබන් පරීක්ෂණ වාර්තාවලට අනුව මන්නාරම සමූහ මිනී වළේ හමුවූ අස්ථි කොටස් ක්‍රි.ව. 1400 සහ 1650 අතර කාලයට අයත් බව මේ වන විට අනාවරණ වී තිබෙනවා.
කාබන් පරීක්ෂාව වෙනුවෙන් ෆ්ලොරිඩා රසායනාගාරය වෙත යැවූ අස්ථි සාම්පලවල වාර්තාව ඊයේ මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණය, මහජන ලියවිල්ලක් ලෙස ප්‍රසිද්ධියට පත් කෙරුණා.