Gossips

මන්නාරම සමූහ මිනීවලේ අස්ථි කොටස් ගැන කාලනිර්ණ වාර්තාව ලබන 14 වනදා

මන්නාරම සමූහ මිනීවලේ සිදුකරන ලද කැණීම්වලින් මේ වනවිට මිනිස් අස්ථි කොටස් 315 ක් හමුවී තිබෙනවා.
142 වන දිනටත් අද (11) මන්නාරම සමූහ මිනීවලේ කැණීම් කටයුතු ආරම්භ වී ඇති අතර, මෙතෙක් හමුවූ අස්ථි කොටස් 315 න් 307 ක්ම ගොඩගෙන අවසන්.
එම අස්ථි කොටස් මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයේ තැන්පත් කර තිබෙනවා.
ඒ අතර, කුඩා ළමයින්ගේ බවට සැක කෙරෙන අස්ථි කොටස් 26 ක් හමුවී ඇති බවයි කැණීම් සිදුකරන විශේෂඥ අධිකරණ වෛද්‍ය ශමින්ද රාජපක්ෂ කියා සිටියේ.
එමෙන්ම මෙම සමූහ මිනීවගෙන් හමුවූ අස්ථි කොටස්වල කාලනිර්ණය සඳහා ඇමරිකාවේ ෆ්ලොරිඩා හි පිහිටි රසායනාගාරයක් වෙත යොමු කරන ලද සාම්පල වල වාර්තාව ලබන 14 වනදාට ලැබෙනු ඇති බවද ඔහු සඳහන් කළා.