මන්නාරම සමූහ මිනීවලෙන් සොයා ගත් අස්ථි කොටස් සම්බන්ධයෙන් වන කාබන් වාර්තාව මේ සතිය තුළ ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වන බව ඒ සම්බන්ධයෙන් කැණීම් සිදුකරන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි සමින්ද රාජපක්ෂ පවසනවා.
මේ වනවිට මන්නාරම සමූහ මිනිවලෙන් මිනිස් අස්ථි කොටස් 297 ක් හමුවී ඇති අතර ඉන් 26 ක් ළමයින්ගේ බවයි ඔහු කියා සිටියේ.
