Gossips

මන්නාරම සමූහ මිනීවලෙන් අලුත් සොයා ගැනීමක්

මන්නාරම සමූහ මිනීවල තුළින් සොයාගත් ඇතැම් අස්ථි කොටස්වල තියුණු ආයුධවලින් සිදුවු කැපුම් දක්නට ලැබෙන බව කැණීම් සිදුකරන කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ මහාචාර්ය රාජ් සෝමදේව පවසනවා.
එම සමූහ මිනීවලෙන් මේ වනවිට මිනිස් සිරුරු 58 ක අස්ථි කොටස් හමුවී ඇති අතර, ඒවායේ දක්නට ලැබෙන කැපුම් තුවාල මරණයට පෙර හෝ පසු සිදුවූවාද යන්න පිළිබඳව නිශ්චිත නිගමනයකට එළැඹිය නොහැකි බවද මහාචාර්යවරයා අප කළ විමසීමකදී සඳහන් කළා.
මෙම කැණීම් මගින් ඉවත් කළ අස්ථි කොටස් විශ්ලේෂණ කටයුතු සඳහා මේ වනවිට මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයේ තැන්පත් කර තිබෙනවා.
මන්නාරම පැරණි සතොස ගොඩනැගිල්ල පැවති ස්ථානයේ පස් ගොඩක තිබී පසුගිය මාර්තු 26 වනදා අස්ථි කොටස් තොගයක් හමුවීමත් සමඟ මෙම පරීක්ෂණ කටයුතු ආරම්භ වුණා.