Gossips

මන්නාරම සමූහ මිනීවලට අතුරුදන්වූවන්ගේ කාර්යාලය මැදිහත්වෙයි

මන්නාරම සමූහ මිනීවලේ ඉදිරි කැණීම් කටයුතු සඳහා අවශ්‍ය මූල්‍යාධාර ලබාදීමට අතුරුදන් වූවන් පිළිබද කාර්යාලය තීරණය කර තිබෙනවා.
හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී එහි සභාපති ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මේ බව කියා සිටියා.
අදාළ සමූහ මීනි වළ තුළින් මේ වනවිට මිනිස් සිරුරු 54 ක අස්ථි කොටස් හමුවී ඇති අතර ඉන් සිරුරු 34 කට අදාළ කොටස් කැණිම් මගින් ඉවත් කරගැනීමට හැකිවී ඇති බවයි පසුගියදා මන්නාරම මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය එස්. රාජපක්ෂ කියා සිටියේ.
මේ අතර, කැණීම් මගින් ඉවත් කළ අස්ථි කොටස් විශ්ලේෂන කටයුතු සඳහා මේ වනවිට මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයේ තැන්පත් කර තිබෙනවා.
මන්නාරම පැරණි සතොස ගොඩනැගිල්ල පැවති ස්ථානයේ පස් ගොඩක තිබී පසුගිය මාර්තු 26 වනදා අස්ථි කොටස් තොගයක් හමුවීමත් සමඟ මෙම පරීක්ෂණ කටයුතු ආරම්භ වුණා.