මන්නාරම පැරණි සතොස ගොඩනැගිල්ල පැවති ස්ථානයෙන් හමුවූ සමූහ මිනීවලේ මේ දක්වා සිදුකරන ලද කැණීම්වලදී පුද්ගලයින් 276 දෙනෙකුගේ අස්ථි කොටස් හමුවී තිබෙනවා.
මේ අතර ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලයේ විශේෂ නියෝජිත පිරිසක් ඊයේ මෙම සමූහ මිනිීවල නිරීක්ෂණයට ලක් කළා.
පසුගිය දින කිහිපය තුලදී ද එකිනෙකට සම්බන්ධ වූ අස්ථි කොටස් දෙකක් ද සොයා ගැනීමට කැණීම් සිදුකරන නිලධාරින්ට හැකිව තිබෙනවා.
කැණීම් මෙහෙයවන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී ශමින්ද රාජපක්ෂ කියා සිටියේ ලබන ජනවාරි මාසයේ සිට එම අස්ථි කොටස් එකලස් කිරීමේ කටයුතු සිදුකරන බවයි.
එමෙන්ම මෙම සමූහ මිනීවලේ සිදුකරන ලද කැණීම්වලදී ළමයින්ගේ බවට සැක කෙරෙන අස්ථි කොටස් 21 ක්ද හමුවී ඇති බව ඔහු සඳහන් කළා.
මෙම මිනිස් ඇටසැකිලි කාබන් පරීක්ෂාවක් සඳහා ඇමරිකාවේ ෆ්ලොරිඩා විශ්වවිද්‍යාලයේ රසායනාගාරය වෙත යැවීමට තීරණය කොට ඒ සඳහා අධිකරණ නියෝගයක්ද ලබාගෙන ඇති නමුත් මේ දක්වා ඒවා ඇමරිකාවට රැගෙන ගොස් නැහැ.
ලබන ජනවාරියෙන් පසුව ඇමරිකාවේ ෆ්ලොරීඩා විශ්වවිද්‍යාලයේ රසායනාගාරය වෙත මෙම අස්ථි කොටස් යොමු කිරීමට කටයුතු කරන බව ද වෛද්‍ය ශමින්ද රාජපක්ෂ හිරු ප්රවෘත්ති අංශයට කියා සිටියා.