Gossips

මන්නාරම සමුහ මිනීවළේ කැණීම් වපසරිය පුළුල් කරයි

මන්නාරම සමූහ මිනීවලේ කැණීම් සිදු කරන වපසරිය පුළුල් කිරීමට පියවර ගෙන තිබෙනවා.
පසුගිය දෙසැම්බර් 21 වනදා සිට තාවකාලිකව නවතා දැමූ එහි කැණීම් කටයුතු ඊයේ සිට යළි ආරම්භ කිරීමට කටයුතු කළ බවයි මන්නාරම සමූහ මිනීවලේ කැණීම් කටයුතු භාර විශේෂඥ අධිකරණ වෛද්‍ය ශමින්ද රාජපක්ෂ කියා සිටියේ.
මේ අනුව එහි කැණීම් කටයුතු 122 වන දිනට ඊයේ ආරම්භ කෙරුණු අතර, සමූහ මිනීවළ වටා ඉදිකර ඇති ආරක්ෂිත වැට ඉවත් කර පුළුල් කිරීමේ කටයුතු ඉදිරි දින කිහිපය තුළ සිදුකරනු ඇති.
මන්නාරම සමූහ මිනීවළේ මායිමෙන් මතුවී ඇති අස්ථි කොටස් ඉවත් කිරීමේදී ඒවාට සිදුවිය හැකි හානිය අවම කිරීමේ අරමුණ ඇතිව මෙම තීරණය ගෙන ඇති බව සඳහන්.