Gossips

මන්නාරම මුහුදේ දී කේරළ ගංජා කිලෝ 284ක් නාවික හමුදා භාරයට

මන්නාරම මුහුදු තීරයේ පාවෙමින් තිබූ කේරළ ගංජා කිලෝ 284ක් අඩංගු පාර්සල් 7ක් නාවික හමුදාව සොයාගෙන තිබෙනවා.
පසුව එම කේරළ ගංජා තොගය නාවික හමුදාව විසින් මුලන්කාවි පොලීසියට භාර දුන් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.
මුහුදු මගින් මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකරන පුද්ගලයින් විසින් මෙම කේරළ ගංජා තොගය අදාළ මුහුදු තීරය වෙත රැගෙන එන්නට ඇති බවටයි පොලීසිය සැක පළ කරන්නේ.