Gossips

මන්නාරම මිනී වළේ අස්ථි කොටස් 278ක් හමුවේ

මන්නාරම සමූහ මිනී වළේ කැණීම් කටයුතු 119 වන දිනට අද (18) සිදුකරනවා.
ඒ අනුව මේ වන විට ඉන් හමුවී ඇති මුළු මිනිස් ඇටසැකිලි සංඛ්‍යාව 278ක් වන අතර, ඉන් 271ක්ම ඉවතට ගෙන ඇති බවයි කැණීම් කටයුතු භාර විශේෂඥ වෛද්‍ය සාමින්ද රාජපක්ෂ කියා සිටියේ.
මේවා අතර කුඩා දරුවන්ගේ ඇට සැකිලි 21ක් පවතිනවා.
මෙම මිනිස් ඇටසැකිළිවලින් තෝරා ගත් සාම්පල කිහිපයක් ඉදිරියේදී ඇමරිකාවේ ෆ්ලොරීඩා රසායනාගාරය වෙත යැවීමට කටයුතු කරන බව ද කැණීම් භාර විශේෂඥ වෛද්‍ය සාමින්ද රාජපක්ෂ වැඩිදුරටත් කියා සිටියා.