මන්නාරම – පේසාලේ මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව සිදුකළ සෝදිසි මෙහෙයුමකදී අතහැර දමා ගොස් තිබූ බීඩිකොළ කිලෝග්‍රෑම් 323ක් නාවික හමුදාව සොයාගෙන තිබෙනවා.
උතුරුමැද, නාවික විධානයට අයත් මුර යාත්‍රාවකට අනුයුක්ත සෙබළුන් පිරිසකටයි මෙම බීඩි කොළ තොගය හමුවී ඇත්තේ.
පාර්සල් 10ක් බහා තිබූ මෙම බීඩි කොළ තොගය ඉන්දියාවේ සිට මෙරටට රැගෙන ඒමට උත්සාහ කර ඇති බවටයි නාවික හමුදාව සැක පළ කරන්නේ.
