මන්නාරම – එමිල්නගර් ප්‍රදේශයේ පිහිටි නිවසක පස් ගොඩක තිබී අස්ථි කොටස් කිහිපයක් හමුවී තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ නිවසක් ඉදිකිරීම සඳහා අවශ්‍ය පස් තොගයක් රැගෙන ආ අවස්ථාවේ එම පස් තොගයේ තිබී මෙම අස්ථි කොටස් හමුවී ඇති බවයි.
ඒ සම්බන්ධයෙන් නිවෙස් හිමියාගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර, මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණ නියෝග යටතේ මේ වන විට පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
එම අස්ථි කොටස් මිනිස් අස්ථි කොටස් ද යන්න මෙතෙක් තහවුරු කරගෙන නොමැති බවයි පොලීසිය සඳහන් කළේ.
ඡායාරූප – වව්නියාව, මාධව කුලසූරිය / දිනසේන රතුගමගේ
