Gossips

මන්නාරම දුම්රිය මාර්ගයේ තිබී මියගිය තරුණයෙකුගේ මළසිරුරක් හමුවෙයි

මන්නාරම දුම්රිය මාර්ගයේ මුරුන්කන් උයිරත්තරාසන්කුලම් ප්‍රදේශයේ තිබී දුම්රියකට හසු වී මියගිය තරුණයෙකුගේ මළ සිරුරක් 24 දා මුරුන්කන් පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා.
මෙම පුද්ගලයා 23 දා රාත්‍රියේ දුම්රියට හසු වී මියයන්නට ඇතැයි පොලීසිය සැක පලකරනවා.
මරණය සම්බන්ධයෙන් කළ පරීක්ෂණ වලදී එම තරුණයා දුම්රියට හසු වී මියගිය බවට සනාථ වී ඇති බව සඳහන්.
මන්නාරම වැඩබලන මහේස්ත්‍රාත්වරයා සිද්ධිය වූ ස්ථානයට පැමිණ මියගිය පුද්ගලයා පිළිබදව මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කොට තිබෙනවා.
මියගිය පුද්ගලයා සිද්ධිය වූ ස්ථානයට නුදුරින් පිහිටි ගම්මානයක පදිංචිකරුවෙකු වන අතර ඔහුගේ ඥාතීන් මුරුන්කන් රෝහලට පැමිණ මෘත ශරීරය හඳුනාගත් බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
මුරුන්කන් පොලීසිය සිද්ධිය පිළිබදව පරීක්ෂණ පවත්වනවා.

දිනසේන රතුගමගේ