මන්නාරම දකුණු මුහුදු තීරයේ පාවෙමින් තිබු බීඩි කොළ කිලෝ 1456.1 ක් සහිත පාර්සල් 33ක් හමුවී තිබෙනවා.
නාවික හමුදාවේ වේග ප්‍රහාරක යාත්‍රාවක සහ වෙරළබඩ මුර යාත්‍රාවකට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් අද අළුයම සිදු කළ සෝදිසි මෙහෙුයමකදීයි ඒවා හමුවී ඇත්තේ.
නීති විරෝධීව මෙරටට රැගෙන ඒම සඳහා මෙම බීඩි කොළ මුහුදේ පා කිරීමට කටයුතු කර ඇතැයි සැක කෙරෙන අතර ඉදිරි පරීක්ෂණ සඳහා බීඩි කොළ තොගය රේගුව වෙත භාරදීමට නියමිත බව නාවික හමුදාව සඳහන් කළා.
පසුගිය 26 වනදා ද උඩප්පුව මුහුදු ප්‍රදේශයේදී මුහුදේ පාවෙමින් තිබු බීඩි කොළ කිලෝ 1232.5ක් නාවික හමුදාව සොයාගනු ලැබුවා.
මෙම වසරේදී නීති විරෝධීව බීඩි කොළ මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ සැකකරුවන් 9 දෙනෙකු නාවික හමුදාව අත්අඩංගුවට ගෙන ඇති අතර බීඩි කොළ කිලෝග්‍රෑම් 8000කට වැඩි ප්‍රමාණයක් ද සොයා ගෙන තිබෙනවා.
