Gossips

මන්නාරම අස්ථී කොටස් ගැන ඇමරිකානු වාර්තාව අධිකරණයට භාර දෙයි

මන්නාරම් සමූහ මිනී වලේ අස්ථී කොටස් සම්බන්ධයෙන් ඇමරිකාවෙන් ලද කාල නිර්ණ වාර්තාව අද මන්නාරම මහේස්ත්‍රාත් ටී.සරවණරාජා වෙත භාරදී තිබෙනවා.
ඒ සමූහ මිනීවලේ කැණීම් භාරව සිටින විශේෂඥ අධිකරණ වෛද්‍ය සමින්ද රාජපක්ෂ විසින්.
මෙහි අඩංගු කරුණු සම්බන්ධයෙන් දැනුම්දීම ඉදිරියේදී අධිකරණය විසින් සිදුකරනු ඇති බවයි වාර්තාව භාරදීමෙන් පසු විශේෂඥ අධිකරණ වෛද්‍ය සමින්ද රාජපක්ෂ කියා සිටියේ.
එම අස්ථී කොටස් සම්බන්ධයෙන් ලබා ගත් සාම්පල 6 ක් පසුගියදා ඇමරිකාවේ – ෆ්ලොරිඩා රසායනාගාරය වෙත යැවූ අතර, ඉන් සාම්පල 5 ක වාර්තාව පසුගිය 16 වනදා යළි ශ්‍රී ලංකාවට ලැබුණු අතර, එක් වාර්තාවක් ලැබීමට නියමිතව තිබෙනවා.
කෙසේ වෙතත්, මන්නාරම සමූහ මිනීවලේ කැණීම් කටයුතු තවදුරටත් සිදුකරන බවයි කැණීම් භාර විශේෂඥ අධිකරණ වෛද්‍ය සමින්ද රාජපක්ෂ කියා සිටියේ.
ඒ අනුව, අද වනවිට කැණීම් කටයුතු සිදුවන්නේ 147 වන දිනටයි.
මේ වනවිට ඉන් මිනිස් සිරුරු 323 ක අස්ථී කොටස් හමුව ඇති අතර, ඉන් සිරුරු 314 කට අයත් අස්ථී කොටස් ඉවතට ගෙන තිබෙනවා.
එහි ළමයින්ගේ අස්ථී කොටස් 28 ක් ද පවතිනවා.
rn