Gossips

මන්නාරම අස්ථි කොටස් ඇමරිකාවට යැවීම ජනවාරියේ

මන්නාරම පැරණි සතොස ගොඩනැගිල්ල පැවති ස්ථානයෙන් හමු වූ අස්ථි කොටස් කාලනිර්ණ පරීක්ෂාව සඳහා ලබන මාසයේ ඇමරිකාවේ ෆ්ලොරීඩා රසායනාගාරය වෙත යැවීමට නියමිතයි.
කැණීම් පරික්ෂණ මෙහෙයවන විශේෂඥ අධිකරණ වෛද්‍ය ෂමින්ද රාජපක්ෂ කියා සිටියේ මේ වනවිට කැණීම් කටයුතු තාවකාලිකව නතර කර ඇති බවයි.
මිනිස් සිරුරු 283 ක අස්ථි කොටස් කැණීම්වලදී හමුවී ඇති අතර, ඉන් සිරුරු 274 ක අස්ථි කොටස් එම ස්ථානයෙන් ඉවත් කර ඇති බවද ඔහු සඳහන් කළා.
ඒ අතර කුඩා ළමයින්ගේ බවට සැක කෙරෙන අස්ථි කොටස් 21 ක්ද සොයාගෙන තිබෙනවා.
කැණීම් පරික්ෂණ මෙහෙයවන විශේෂඥ අධිකරණ වෛද්‍ය ෂමින්ද රාජපක්ෂ වැඩිදුරටත් කියා සිටියේ මෙම අස්ථි කොටස් ඇමරිකාව තුළ සති දෙකක පමණ කාලයක් පරීක්ෂාවට ලක් කරන බවයි.
මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයක් මත මන්නාරම පැරණි සතොස ගොඩනැගිල්ල පැවති ස්ථානයෙන් හමු වූ මෙම සමූහ මිනීවලේ කැණීම් කටයුතු පසුගිය මැයි මාසයේ ආරම්භ කෙරුණු අතර, කැණීම් සිදුකිරීම් අත්හිටුවීමෙන් පසු දෙවන වරට එහි කැණීම් ආරම්භ කෙරුණේ පසුගිය නොවැම්බර් 27 වැනිදායි.