මන්නාරම,උයිලන්කුලම ප්‍රදේශයේ ඊයේ(17) රාත්‍රියේ වෙඩි තැබීමක් සිදුව ඇති බව මන්නාරම ආරක්ෂක අංශ පවසනවා.
මන්නාරම ප්‍රදේශවාසීන් පැවසූවේ අට දෙනෙකුගෙන් යුත් කණ්ඩාමක් පැමිණ, නිවසක පුද්ගලයෙකු වෙත වෙඩි තබා ඇති බවයි.
අදාළ පුද්ගලයා වෙඩි තබන අවස්ථාවේ පැන ගොස් ඇති අතර, වෙඩි තැබීම කවුරුන් විසින් සිදුකළේ ද යන්න අනාවරණය වී නොමැති බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.
මන්නාරම,උයිලන්කුලම ප්‍රදේශයේ විසූ ජේසුදාසන් ස්වාමිපිල්ලේ නමැති පුද්ගලයෙකුගේ නිවස ආසන්නයේ වෙඩී තැබීම සිදුව ඇති බවද ප්‍රදේශවාසීන් සඳහන් කළා.
වෙඩි තැබීම සිද්ධිය වු ස්ථානය නිරීක්ෂණය කිරීම වෙනුවෙන් මන්නාරම පාර්ලිමේන්තු මන්ත්‍රී චාර්ල්ස් නිර්මලනාදන් ද එක්ව සිටියා.
සිද්ධිය සම්බන්ධයෙන් මන්නාරම පොලිසියෙන් සිදුකළ විමසීමකදී පැවසූවේ අදාළ ප්‍රදේශයේ ඊයේ(17) රාත්‍රියේ පොලිස් මෙහෙයුමක් සිදුව ඇති බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් මන්නාරම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.
වවුනියාව – මාධව කුලසූරිය
