මන්නාරම නගරයේදී මත්පෙති අලෙවි කිරීමේ ජාවාරමක නිරත වූ පුද්ගලයින් තුන්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ පස්වරුවේ මන්නාරම කොට්ඨාශ විෂ මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකයේ නිලධාරින් විසින් සිදුකළ මෙහෙයුමකදී මොවුන් අත්අඩංගුවට ගනු ලැබුවා.
එහිදී සැකකරුවන් සතුව ට්‍රැමඩෝල් නමැති මත්පෙති 1300 ක් තිබූ බවයි පොලීසිය සදහන් කළේ.
සැකකරුවන් 22 සහ 56 හැවිරිදි වියේ පසුවන වව්නියාව සහ මන්නාරම ප්‍රදේශවල පදිංචිකරුවන්.
