Gossips

මන්නාරමේ අස්ථි කොටස් ගැන කාලනිර්ණ වාර්තාව අද

මන්නාරම සමූහ මිනීවලෙන් හමුවූ අස්ථි කොටස්වල කාලනිර්ණය සඳහා ඇමරිකාවේ ෆ්ලොරිඩා හි පිහිටි රසායනාගාරයක් වෙත යොමු කරන ලද සාම්පලවල වාර්තාව අද ලැබීමට නියමිතයි.
කැණීම් සිදුකරන විශේෂඥ අධිකරණ වෛද්‍ය ශමින්ද රාජපක්ෂ කියා සිටියේ කූරියර් සේවාව මගින් තමන්ට සහ මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයට අදාළ වාර්තාව ලැබීමට නියමිත බවයි.
මන්නාරම සමූහ මිනීවලේ සිදුකරන ලද කැණීම්වලින් මේ වනවිට මිනිස් අස්ථි කොටස් 316 ක් හමුවී තිබෙනවා.
ඒවායෙන් 307 ක්ම මේවනවිට ගොඩගෙන අවසන්. එම අස්ථි කොටස් මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයේ තැන්පත් කර තිබෙනවා.
ඒ අතර, කුඩා ළමයින්ගේ බවට සැක කෙරෙන අස්ථි කොටස් 26 ක් හමුවී ඇති බව සඳහන්.