Gossips

මන්නාරමේ අස්ථි කොටස් ඇමරිකාවට

මන්නාරම සමූහ මිනීවලෙන් සොයාගත් අස්ථි කොටස් ඇමරිකාවේ ෆ්ලොරිඩා රසායනාගාරය වෙත යැවීමට තීරණය කර තිබෙනවා.
කාබන් පරීක්ෂණයකට යොමුකර එම අස්ථි කොටස්වල කාල නිර්ණය ඇතුලූ කරුණු රැසක් අනාවරණ කරගැනීමට ඉන් හැකිවන බවයි මන්නාරම මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය එස්. රාජපක්ෂ හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.
මන්නාරම පැරණි සතොස ගොඩනැගිල්ල පැවති ස්ථානයේ පස් ගොඩක තිබී පසුගිය මාර්තු 26 වනදා අස්ථි කොටස් නිරීක්ෂණය කිරීමත් සමඟ ආරම්භ කළ පරීක්ෂණවලට අනුව අස්ථි කොටස් 58 ක් හමුවී තිබෙනවා.
මේ අතර කුඩා ළමයින්ගේ අස්ථි කොටස් 5 ක් තිබෙන බවටයි පරීක්ෂණ සිදුකරන නිලධාරීයෙකු සඳහන් කළේ.
සොයාගත් මෙම අස්ථි කොාටස් වලින් විශාල සංඛ්‍යාවක් විනාශ වී ඇති අතර, එම නිසා මෙලෙස කාබන් පරීක්ෂණයකට යොමු කිරීමට කටයුතු කරන බවයි මන්නාරම මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය එස්. රාජපක්ෂ කියා සිටියේ.