මන්නාරම – තෝට්ටවේලි ප්‍රදේශයේදී වතුර වලකට වැටී පිරිමි ළමයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඊයේ පස්වරුවේ එම ප්‍රදේශයේ පිහිටි වතුර වලක දියනෑමට ගොස් සිටියදී එහි ගිලී ඔවුන් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි මන්නාරම පොලීසියේ ප්‍රකාශකයෙකු සදහන් කළේ.
වයස අවුරුදු 7 ක සහ 8 ක දරුවන් දෙදෙනෙකු මෙලෙස මියගොස් ඇති අතර, ඔවුන්ගේ පශ්චාත් මරණ පරීක්ෂණ මන්නාරම රෝහලේදී සිදුකිරීමට නියමිතව තිබෙනවා.
මේ අතර, ආනමඩුව – ගල්කුලිය වැවේ දියනෑමට ගිය පාසල් සිසුන් තුන්දෙනෙකු අතරින් එක් සිසුවෙකු ද ඊයේ දියේ ගිලී ජීවිතක්ෂයට පත්වුණා.
17 හැවිරිදි පාසල් සිසුවෙකු මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති අතර, ඔහු ගල්කුලිය ප්‍රදේශයේම පදිංචිකරුවෙක්.
එමෙන්ම, බලංගොඩ – බෙලිහුල්ඔය – පහන්තුඩා ඇල්ලේ දිය නෑමට ගිය සරසවි සිසුන් 3 දෙනෙකු ද ඊයේ දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබුණා.
මෙලෙස මියගොස් තිබුණේ 23 හැවිරිදි සහ 25 හැවිරිදි වියේ පසුවන සබරගමුව විශ්වවිද්‍යාලයේ 3 වන වසරේ අධ්‍යාපනය ලබන යාපනය ප්‍රදේශයේ පදිංචි සිසුන් පිරිසක්.