Gossips

මන්නාරමෙන් හමුවූ මිනිස් අස්ථි කොටස් පිළිබද පරීක්ෂණ ඇරඹේ

මන්නාරම පොදු සුසාන භූමිය පිටුපස ගොඩගසා තිබූ වැලි ගොඩක තිබී සොයා ගත් මිනිස් අස්ථි කොටස් සම්බන්ධයෙන් අධිකරණ නියෝගයක් යටතේ පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
මන්නාරම – එමිල්නගර් ප්‍රදේශයේ නිවසක් ඉදිකිරීම සඳහා මෙම ස්ථානයෙන් රැගෙන ගිය වැලි තොගයක අස්ථි කොටස් තිබූ බවට නිවෙස් හිමියා විසින් පසුගිය දා පොලීසියට පැමිණිල්ලක් කරනු ලැබුවා.
ඒ අනුව එම ස්ථානයේ සිදුකළ නිරීක්ෂණයකදී මිනිස් අස්ථි කොටස් කිහිපයක් පොලීසිය සොයා ගනු ලැබුවා.
පසුව ඒ සම්බන්ධයෙන් මන්නාරම මහේස්ත්‍රාත් ඒ.ජේ. ඇලෙක්ස් රාජාගේ නිරීක්ෂණය යටතේ මෙම පරීක්ෂණය ඊයේ ආරම්භ කළ බවයි මන්නාරම පොලීසිය සඳහන් කළේ.