Gossips

මන්නාරමෙන් හමුවූ පුද්ගල අස්ථි කොටස් 250 ඉක්මවයි

මන්නාරම පැරණි සතොස ගොඩනැගිල්ල පැවති ස්ථානයෙන් හමුවූ සමූහ මිනීවලේ මේ දක්වා සිදුකරන ලද කැණීම්වලදී පුද්ගලයින් 256 දෙනෙකුගේ අස්ථි කොටස් හමුවී තිබෙනවා.
කැණීම් මෙහෙයවන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී ශමින්ද රාජපක්ෂ කියා සිටියේ ඉන් අස්ථි 246 ක් මන්නාරම අධිකරණ සංකීර්ණයේ විශේෂිත කුටියක ගබඩා කර ඇති බවයි.
එමෙන්ම මෙම සමූහ මිනීවලේ සිදුකරන ලද කැණීම්වලදී ළමයින්ගේ බවට සැක කෙරෙන අස්ථි කොටස් 18 ක්ද හමුවී ඇති බව ඔහු සඳහන් කළා.
මෙම මිනිස් ඇටසැකිලි කාබන් පරීක්ෂාවක් සඳහා ඇමරිකාවේ ෆ්ලොරිඩා විශ්වවිද්‍යාලයේ රසායනාගාරය වෙත යැවීමට තීරණය කොට ඒ සඳහා අධිකරණ නියෝගයක්ද ලබාගෙන ඇති නමුත් මේ දක්වා ඒවා ඇමරිකාවට රැගෙන ගොස් නැහැ.