Gossips

මන්නයකින් පහරදී පුතා විසින් පියාව මරා දමයි

සියඹලාණ්ඩුව පොලිස් බල ප්‍රදේශයේ පීල්ලේබැද්ද ප්‍රදේශයේ නිවසක් පිටුපස මඩුවක් ආසන්නයේ තිබී තියුණු ආයුදයකින් පහර දී ඝාතනය කළ පුද්ගලයකුගේ මල සිරුරක් සියඹලාණ්ඩුව පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.
මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු අනූහයක් වන ඩී.ජී කොරනේරිස් නැමති පස් දරු පියෙකු බවයි සියඹලාණ්ඩුව පොලිසිය ප්‍රකාශ කළේ.
මෙසේ ඝාතනයට ලක් වී ඇති පුද්ගලයාගේ පුත්‍රයකු විසින් මෙම ඝාතනය සිදු කර ඇති අතර අදාල සැකකරුට කුඩා ලමුන් දෙදෙනකු ද සිටින බව පොලිසිය සඳහන කළා.
මෙම සැකකරු අධික ලෙස බීමතින් පැමින සිය බිරිද සහ දරුවන් ට මන්නයකින් පහරදීමට උත්සාහ දරා ඇති අතර ඔවුන් අසල නිවසක් වෙත ගොස් දිවි ගලවාගත් බව සැකකරුගේ බිරිද පොලිසියට ප්‍රකාශ කර තිබෙනවා.
මෙම මරණය සිදු කළ මියගිය පුද්ගලයාගේ නිවසේ පදිංචිව සිටි සැකකාර පුත්‍රයා සියඹලාණ්ඩුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු වයස අවුරුදු හතලිස් අටක අයෙකු බවයි පොලිසිය කියා සිටියේ.
මළ සිරුර පිලිබඳ පශ්චාත් මරන පරීක්ෂණය අද(10) සිදු කිරීමට නියමිත අතර අත්අඩංගුවට ගත් සැකකරු සියඹලාණ්ඩුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
සියඹලාණ්ඩුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.