Gossips

මන්ත්‍රී සනත් නිශාන්ත ගැන වරප්‍රසාද ප්‍රශ්නයක් – ජවිපෙ විස්ස භාර දෙයි

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ විධිවිධාන ඇතුලත් 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ යෝජනාව ජනතා විමුක්ති පෙරමුණ අද (25) පාර්ලිමේන්තු මහලේකම්වරයාට භාර දුන්නා.
එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක විසින් මීට අදාළ යෝජනාව භාරදුන් අතර, ඉන් අනතුරුව ඔහු කියා සිටියේ රජයට එම යෝජනාව කල් ගත කිරීමේ වුවමනාවක් නොමැති නම් මාස දෙකක් , තුනක් වැනි කාලයකදී එය සම්මත කරගැනීමේ හැකියාව පවතින බවයි.
මේ අතර, කතානායක කරූ ජයසූරියගේ ප්‍රධානත්වයෙන් අද (25) පෙරවරුවේ පාර්ලිමේන්තුව රැස්වුණා.
එහිදී මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගතව සිටින ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන වරප්‍රසාද ප්‍රශ්නයක් මතුකරනු ලැබුවා.