Gossips

මන්ත්‍රී ශාන්ත බණ්ඩාරගෙන් චෝදනාවක්

19 වන ව්‍යවස්ථා සංශෝධනයේදී ජනපති ධුර කාලය සම්බන්ධයෙන් දෙපාර්ශ්වය එකඟවූ කරුණුවලට වඩා වෙනස් කරුණු පාර්ලිමේන්තුවේදී සම්මත කරගෙන ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා චෝදනා කරනවා.
ඔහු මේ බව සඳහන් කළේ අද පෙරවරුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.