Gossips

මන්ත්‍රී විමල්ගෙන් අභියාචනයක්

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්, ටිල්වින් සිල්වාට රුපියල් ලක්ෂ 10 ක වන්දියක් ගෙවන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශට කොළඹ වාණිජ මහාධිකරණය විසින් නිකුත් කළ නියෝගය අවලංගු කරන ලෙස ඉල්ලමින් අභියාචනයක් ගොනුකර තිබෙනවා.
මන්ත්‍රීවරයාගේ නීතිඥයින් විසින් අද දිනයේදී ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අදාළ අභියාචනය ගොනුකළ බවයි හිරු අධිකරණ වාර්තාකරු සඳහන් කළේ.
පසුගිය 11 වනදා කොළඹ වාණිජ මහාධිකරණය විසින් විමල් වීරවංශට අදාළ නියෝගය නිකුත් කරනු ලැබුවේ නැත්ත වෙනුවට ඇත්ත කෘතිය පළ කිරීමේදී බුද්ධිමය දේපල පනත උල්ලංඝනය කර ඇති බව පවසමින්.