Gossips

මන්ත්‍රී විජේදාසගෙන් ප්‍රකාශ ගන්න දූෂණ සොයන ජනපති කොමිසමේ නිලධාරින් නිවසට

2015 / 2018 වර්ෂවල රාජ්‍ය ආයතනවල සිදුවූ දූෂණ අක්‍රමිකතා සම්බන්ධයෙන් සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ විශේෂ පොලිස් විමර්ශන ඒකකය, පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂගෙන් ප්‍රකාශ ලබාගෙන තිබෙනවා.
ඔහුට කොමිෂන් සභාව ඉදිරියේ අද උදෑසන පෙනී සිටින ලෙස දැනුම් දුන්න ද, තමන් අසනීප තත්ත්වයෙන් පසුවන බැවින් එහි පැමිණීමට නොහැකි බවයි මන්ත්‍රීවරයා ප්‍රකාශ කර ඇත්තේ.
ඒ වෙනුවට නාවල පිහිටි තම නිවසට පැමිණ ප්‍රකාශ සටහන් කර ගන්නා ලෙස ද මන්ත්‍රීවරයා ජනාධිපති කොමිසමෙන් ඉල්ලීමක් කර තිබුණා.
මන්ත්‍රීවරයාගේ ඉල්ලීම සලකා බැලූ කොමිසමේ නිලධාරීන් එම ඒකකයේ පොලිස් නිලධාරින් දෙදෙනෙකු ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ඔහුගේ නිවසට පිටත් කර හැර තිබෙනවා.
සුරක්ෂා රක්ෂණාවරණය සහ මහපොල භාරකාර අරමුදල සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා විසින් එම කොමිසමට පැමිණිල්ලක් කර තිබුණා.
මේ අතර, ගුවන් හමුදාපති, එයාර් මාර්ෂල් කපිල ජයම්පතිට එරෙහිව එහි සේවක සංගමයක් ඉදිරිපත් කර තිබූ පැමිණිල්ලකට අදාළව ප්‍රකාශ ලබා ගැනීම සදහා ගුවන් හමුදාවේ සැපයුම් අධ්‍යක්ෂවරයෙකු හෙට ජනාධිපති කොමිසමට කැදවා තිබෙනවා.