Gossips

මන්ත්‍රී විජේදාසගෙන් චෝදනාවක්

වර්තමානයේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ තීන්දු තීරණ ගනු ලබන්නේ මුදල් අමාත්‍යාංශය බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයට එක්වෙමින් අද ප්‍රකාශ කලා.
බ්‍රිතාන්‍ය ඇතුලූ රටවල් 05ක් ජිනිවා මානව හිමිකම් කොමිසමට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති යෝජනාව මෙන්ම ඊට පෙර ඇමරිකාව ඉදිරිපත් කල යෝජනාවටද ජනාධීපතිවරයාගේ අනුමැතියක් නොමැතිව රජය කටයුතු කර ඇති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ එහිදි ප්‍රකාශ කලේ.
ඊට සභානායක අමාත්‍ය ලක්ෂමන් කිරිඇල්ල පිලිතුරු ලබා දෙමින් කියා සිටියේ මානව හිමිකම් මණ්ඩලයට ඉදිරිපත් ව ඇති නව යෝජනාවේ ශ්‍රී ලංකාවට අහිතකර කිසිවක් නොමැති බවයි.
රාජ්‍ය ව්‍යවසාය, කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන අමාත්‍යාංශය , ඩිජිටල් යටිතල පහසුකම් සහ තොරතුරු තාක්ෂණ පිළිබද කැබිනට් නොවන අමාත්‍යාංශය සහ විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ පිළිබද කැබිනට් නොවන අමාත්‍යාංශවල වැය ශීර්ෂයි අද විවාදයට ගැනෙන්නේ.
එහිදි අදහස් දැක්වීමේදි පසුගියදා රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක එල්ල කල චෝදනාවලට එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු ප්‍රතිචාර දක්වා සිටියා.
ඊට නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතානද මැදිහත්වුණා.