Gossips

මන්ත්‍රී වාසුගෙන් හෙළිදරව්වක්

රජයට අයත් ප්‍රමුඛ පෙළේ හෝටල් දෙකක් විකිණීමේ ව්‍යාපෘතියේ අතයට ගනුදෙනු පැවතීම හේතුවෙන් ජාත්‍යන්තර ආයෝජකයින්ට පැමිණීමට නොහැකිවන ආකාරයට පුවත්පත් දැන්වීම් පළ කර ඇති බව ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසනවා.
අද පස්වරුවේ කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සදහන් කළා.
මේ අතර ජාතික මහජන සභාව අද පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් වරායේ ජාතික සේවක සංගමය සදහන් කළේ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය නොවිකුණන බවට ආණ්ඩුව ප්‍රකාශ කරනතුරු ආනයන අපනයන වෙළෙඳාම නතර කිරීමට පියවර ගන්නා බවයි.