ශ්‍රී ලංකා – සිංගප්පුරු නිදහස් වෙළද ගිවිසුම සම්බන්ධයෙන් ප්‍රසිද්ධ විවාදයකට පැමිණෙන්නැයි ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන, අමාත්‍ය මලික් සමරවික්‍රමට අද අභියෝගයක් කළා.
කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා කියා සිටියේ මෙම ගිවිසුම අනාගතයේදී හෝ බේරා ගත නොහැකි මහා පාවාදීමක් බවයි.
